මහර බන්ධනාගාර ගැටුමේ දී දේපලවලට හානි කරමින් බන්ධනාගාර ආඥා පනතේ 71වැනි වගන්තිය උල්ංඝණය කිරීම ඇතුළු චෝදනා 04කට වරද පිළිගත් බන්ධනාගාර රැඳවියන් 50 දෙනෙකුට මාස 02 බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට ගම්පහ දිසා විනිසුරු රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර විසින් නියෝග කළේය.
මෙහි දී වරදකරුවන්ට එරෙහිව එල්ල වූ චෝදනා වූයේ බන්ධනාගාර ආඥා පනතේ 71වැනි වගන්තිය උල්ංඝණය කරමින් බන්ධනාගාර දේපලවලට හානි කිරීම, බන්ධනාගාරායෙන් පැන යෑමට උත්සාහ කිරීම, සිරකරුවන් ලෙස රඳවා තබා සිටිය දී පිටතට පැමිණීම, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම යන චෝදනා සඳහා වරද පිළිගත් රැඳවියන්ට මෙම දඬුවම් නියම විය.
මේ අවස්ථාවේ දී රැඳවියන් 12 දෙනෙකු තමන් වෙත එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ගේ නඩු පිළිබඳ වැඩිදුර විභාගය ලබන 08 දා තෙක් කල් දැමුණේය. එම රැඳවියන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.