මෙරට තුළ යළි මතුවී ඇති කොරෝනා වසංගත තත්වයෙන් ආරක්ෂා වීම සදහා මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිල් රූ ජයවර්ධන සිසුවා විසින් නව නිර්මානයක් හදුන්වාදී තිබේ.
මෙම සිසුවා විසින් ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන සැන්ටයිසර් භාවිතා කිරීමෙන් අත්සේදීය හැකි ආරක්ෂිත යන්ත්‍රයක් නිපදවා ඇත. (හෑන්ඩ් සැන්ටයිසර් සංවේදී ස්වයංක්‍රීය උපකරණයක්)
මෙමගින් ආරක්ෂිතව සැන්ටයිසර් පුද්ගල සංවේදීතාවය අනුව ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන ලෙසට මෙම නව තාක්ෂණික උපකරණය නිපදවා තිබීම විශේෂත්වයකි.
දිල් රූ ජයවර්ධන සිසුවා උසස්පෙළ කෘෂි විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබයි.