මහනුවර මහා නගර සභාවෙි අභිනව නාගරික කොමසාරිස්වරයා ලෙස අමිල නවරත්න මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා වෙතින් පත්වීමි සිය ලිපිය ලබාගත්තේය.
මාතලේ දඹුල්ල යන මහ නගර සභාවල නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කල ඒ මහතා හගුරන්කෙත ප්‍රාදේශීය ලේකමිවරයා ලෙසත් නුවරඑළිය අතිරේක දිසාපතිවරයා ලෙසත් කටයුතු කර ඇත.
අමිල නවරත්න මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
අතර මෙම පත්වීමි ලිපි ලබා ගත් අවස්ථාවට ප්‍රධාන ලේකමි, පළාත් පාළන කොමසාරිස්, ආණ්ඩුකාර ලේකමි ඇතුළු පිරිසක් සහභාගී විය.
එමෙන්ම 19 දින පෙරවරැ 10.30 ට යෙදුණු සුභ මොහොතින් මහනුවර මහා නගර සභාවෙිදී නගරාධිපති කේසර ඩී.සේනානායක මහතා සහ නියෝජ්‍ය නගරාධිපති ටී.එමි.ඉලාහි ආබිදීන් මහතා හමු වී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යෙය් සිය රාජකාරී ආරමිභ කළේය.
නාගරික මන්ත්‍රී මණ්ඩලය සමග වත්මන් මහනුවර දිසාපති හා හිටපු නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා සහ නියෝජ්‍ය නාගරික කොමසාරිස් දිලීපා රුපානි පියදාස මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්වී සිටියහ.