මහනුවර නගරයේ බෑවුම් සහිත අකුරණ ඇතුලු අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් දැඩි විමසිලිමත් විය යුතු බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
මේ තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම ඇතුලු සිදුවන ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා සූදානම් වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා මහනුවර දිස්ත්‍රිකයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
කදුකරයට ඇද හැලෙන ධාරානිපත වර්ෂාව හමුවේ පිඟා ඔය පිටාර ගැලීම නිසා ඊයේ (07) රාත්‍රී අකුරණ නගරය ජලයෙන් යටවිය.
මහනුවර නගරයේ භූවැලිකඩ තල්වත්ත බෝධිරාජ කොටස අශෝකාරාම කොටස ඇතුළු ප්‍රදේශ කිහිපයක ගස් සහ පස් කදු කඩා වැටීම් සිදුවී තිබේ.
දෛනිකව පස්වරු කාලයේ අධික වැසි ඇද හැලෙන්නේ නම් ජනතාව ආරක්ෂික පියවර අනුගමනය කළ යුතු බවට දැනුම් දී තිබේ.
බෑවුම් සහිත ස්ථානවල නිවාස ඉදි කර ඇති පිරිස් දැඩි අවධානයකින් කටයුතු කල යුතු යැයිද මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා සදහන් පවසයි.