මහනුවර බෝගම්බර නව බස් නැවතුම්පොලේ අද දහවල් 12 ට පමණ භික්ෂූන් වහන්සේ නමක හදිසියේ අපවත් වී තිබේ.
මහියංගනය බලා ධාවනය වන බස් රථයකට ගොඩ වීමට සූදානම් වූ උන්වහන්සේ පපු පෙදෙසේ වේදනාවක් හට ගත් බව පවසා ඇත.
එම අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් දෙදෙනකු විසින් උන්වහන්සේ අසුනක හිඳුවා වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.
රෝහල්ගත කරන විටත් භික්ෂූන් වහන්සේ අපවත් වී තිබේ.
උන්වහන්සේ පොළොන්නරුවේ විහාරයක වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් බව වාර්තා වේ.