මහනුවර නගර සීමාවේ මුල්ම කොවිඩ් මරණය වාර්තා වූ බව මහනුවර රෝහල් ආරංචි මාර්ග සනාථ කලේය.
මිය ගොස් ඇත්තේ 63 හැවිරිදි කාන්තාවකි. ඇය මහනුවර නගරයේ ප්රධාන පෙළේ පාසලක නිල නිවාසයේ ජීවත් වෙමින් සිට තිබේ.
ඊයේ රාත්රියේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා රෝහල් ගත කළ ඇය රාත්රියේ දී මිය ගොස් ඇත. ප්රදේශයේ පවතින අවදානම් සහිත තත්වය නිසා ඇය කලින් පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දී තිබේ. මරණයෙන් පසු එම පරීක්ෂණ වාර්තාව ගෙන්වා ගෙන බලද්දී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී අත.
තවත් කෝවිඩ් ආසාදිතයන් 18 දෙනෙක් හමුවීමත් සමග මහයියාව ලොක් ඩවුන් කර ඇත. යටි නුවර හුදකලා ප්රදේශයක් බවට පත් කිරීම පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.