විදේශිකයෙක් විසින් මහනුවර නගරයේ රාත්‍රි දර්ශන ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කරමින් සිටියදී එම කැමරාව ජනාධිපති මැදුර සහ මාළිගා පරිශ්‍රයට වැටී ඇති පුවතක් ඊයේ (20) වාර්තා විය.
බහිරවකන්ද පෞද්ගලික තානායමක රැදීසිටිමින් මහනුවර නගරයට එලෙස ඩ්‍රෝන කැමරාව යවා ඇත්තේ යුක්රේන ජාතිකයෙකි.
ඔහු මහනුවර පොලිසියේ සංචාරක ඒකකය මගින් ඊයේ 20දා රාත්‍රි 10.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු BMIPRIY – ZAPORZHETF නැමැති තිස්හතර හැවිරිදි පුද්ගලයෙකි.
SH 067445 අංක දරණ ගුවන් ගමන් බලපත මගින් 2019 වසරේ නොවැම්බර් මස 18 වැනි දින සංචාරක වීසා බලපත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි අයෙකි.
මොහු මෙතෙක් මාතර වැලිගම නවාතැන් ගෙන ඇති අතර මහනුවරට පැමිණ ඇත්තේ 2020 ජූලි මස 18 වැනි දින බව පොලිස් පරික්ෂණ මගින් අනාවරණය වි තිබේ.
මාතර සිට මෝටර් සයිකලයකින් පැමිණ ඇති මොහු එදින සිට මේ බහිරවකන්ද පුද්ගලික තානායමේ නවාතැන් ගෙන තිබේ.
ඔහු පැමිණි දා සිට සෑමදිනකම රාත්‍රියේ මහනුවර නගරයට ඩ්‍රෝන කැමරාවක් යවා දර්ශන රූ ගත කර ඇති බවද සැලය.
ඊයේ රාත්‍රී 9.40ට පමණ අදාල ඩ්‍රෝන කැමරාව ගුවන් ගත කර ඇති අතර එහි සමබ්න්ධතාවය බිඳ වැටුණු බව සැලවූ මොහොතේ කැමරාව සොයා ඔහු නගරයට ආ බව පැවසේ.
මේ තැනැත්තා අත්අංගුවට ගන්නේ එසේ පැමිණි අවස්ථාවේදී ය.