මහනුවරින් පුද්ගලයන් 604ක් නිරෝධායනයට යොමු කර ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය වෛද්‍ය අධ්යක්ෂ කාර්යාලය වාර්තා කරයි.
මේ පිරිස අතර බෝගම්බරින් 442ක්, පල්ලෙකැලේ 06ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය නියුතු පුද්ගලයින් 93 දෙනෙක්, ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ 63 දෙනෙක් මේ අතර වෙති.
කොවිඩ් ආසාදිතයන් සමග සමීප සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයින් සම්බන්ධව විශේෂ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අංශ පවසයි.