මහජන ආරක්ෂාව සහ තාක්ෂණ විෂය සම්බන්ධයෙන් නව අමාත්‍යාංශ දෙකක් ඇති කිරීම සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශට පත් වී තිබේ.
ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද මෙම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ මෑතක දී පිහිටවූ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව, නව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කොට තිබේ.
එමෙන්ම තාක්ෂණ අමාත්‍යාංශය යටතට ද ආයතන කිහිපයක් අමාත්‍යාංශ විෂය පථයට එක්කර ඇති අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිතායතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඒ ආශ්රිත සමාගම්, කාර්මික තාක්ෂණ ආයතනය, නැනෝ තාක්ෂණ ආයතනය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ද නව තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත්කොට තිබේ.
2018 නොවැම්බර් මස 20 වැනි දා දාතමින් අංක 2202/25 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් මේ බව ප්‍රකාශයට පත් කොට ඇති අතර එම විෂය පථයන් නොවැම්බර් මස 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වී ඇති බව ජනාධිපතිවරයා එයින් නිවේදනය කර ඇත.
පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතන වෙනම අමාත්‍යාංශයක් යටතට පත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා ලංකාසර පුවතක් පළ කළ අතර එහිදී නව අමාත්‍යංශයේ ඇමතිවරයා ලෙස අද්මිරාල් සරත් වීරසේකර මහතා යෝජනා කර තිබෙන බව එයින් අනාවරණය කළේය.