වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවට පෙනී සිට පැමිණෙන නියෝමාල් රංගජීවගේ ඡායා රූපයක් ගැනීමට තැත් කළ මව්බිම පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී අකිල ජයවර්ධනට නියෝමල් රංජීවගෙන්ම මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මහාධිකරණයේ අංක 5 අසල රැඳී සිටි අකිල ජයවර්ධන නියෝමාල් රංගජීව සිය නඩුවට පෙනී සිට ආපසු එන අවස්ථාවේ මෙම ඡායාරූපය ගෙන ඇත. ඉන් කුපිත වුණු රංගජීව පරුෂ වචනයෙන් බැන වදිමින් ඡායාරූප ශිල්පී අකිල ජයවර්ධන වෙත පැමිණ ඇඳුමෙන් අල්ලා උසාවි භූමිය දිගේ ඇදගෙන ගොස් අසල පොලිස් මුරපොල තුළට තල්ලු කර තිබේ. පොලිස් මුරපොල තුළ සිදු වූ සිද්ධිය අකිල ජයවර්ධන අපට කීවේ මේසේය.
“ අඩුම තරමින් මා කවුද, මගේ වෘත්තීය ස්වරූපය කුමක් ද කියලා ඇහුවෙ නෑ. ඔහු මට වචනයක්වත් ඉඩ දුන්නේ නෑ. ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ හැඳුනුම්පත පෙන්වන්න මට අවස්ථාවක් දුන්නෙ නෑ ඔහු. මුලින්ම උදුර ගත්තේ කැමරාව. මා බිය උනා කැමරාව කුඩු කරයි කියලා. ඊට පස්සෙ පොලිස් මුරපොලට ඇදන් ගිහින් ඇඳ සිටි කෝට් එක ගලවලා පැත්තකට දාලා මට ගහන්න උත්සාහ කළා. අවසානයේදි මෙමරි සිම් පත ගලවා ගත්තා.“
“මා පැමිණියේ රාජකාරියක් කරන්න. ජාතික රටේ ප්‍රධාන ජාතික පත්තරයක් වෙනුවෙන් මගෙ වෘත්තිය කරන්න මා ගියෙ. “ සිද්ධිය සම්බන්ධව කොළඹ මහාධිකරණ පොලිස් මුරපොලට අමතරව කොළම පොල්ස් මූලස්ථානයේ ද පැමිණිල්ලක් සටහන් කර ඇත.