දිනසේන රතුගමගේ –
යාපනයේ මනියතෝට්ටම් ප්‍රදේශයේදී මවක් විසින් දරුණු ලෙස වධ හිංසා කරමින් පහර දුන් දරුවා දරුකමට හදා වඩා ගැනීම සදහා නීතිමය ඉඩකඩ ලබා දෙන මෙන් මේ වන විට යාපනය පොලීසියට දුරකතන ඇමතුම් 150 කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී තිබේ.
ලංකාවේ සිංහල මව් වරුන් පිරිසක්ද දුරකතන ඇමතුම් ලබා දුන් පිරිස අතර වෙයි.
ඊට අමතරව විදෙස් රටවල සිටින දෙමළ කාන්තාවන් විශාල ප්‍රමාණයක්ද එම දරුවා දරුකමට හදා වඩා ගැනීම සදහා අවස්ථාවක් සලසා දෙන ලෙස යාපනය පොලීසියෙන් ඉල්ලා තිබේ.
එම දරුවාගේ මව යහපත් මානසික මට්ටමකින් නොසිටින බවටත් විදේශ රටක සිටින ඇගේ සැමියා දරුවාට හා මවට ජීවත් වීමට කිසිදු මුදලක් ලබා නොදීමත් යන කරුණු නිසා මෙම දරුවා දරු කමට හදාවඩා ගැනීමට කෙරෙන ඉල්ලීම් වැඩි වී ඇතැයි යාපනය පොලීසිය සඳහන් කරයි.
දැඩි මානසික ආතතිය නිසා දැනට එම මව යාපනය ශීක්ෂණ රෝහලේ පරිවාස නිලධාරීන් බාරයේ ප්‍රතිකාර ලබන අතර දරුවාද පරිවාස නිලධාරීන් බාරයේ සිටියි.
මවගෙන් ලබා ගන්නා තවත් වෛද්‍ය වාර්තා කීපයක් සමග ඇයව මේ ම්ස 23 වෙනිදා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා පොලීසියට හා පරිවාස නිලධාරීන්ට නියෝග කොට තිබේ.