කොවිඩ් වසංගතය පැතිරීම නිසා සංචරණ සීමා පනවා ඇති කිසිම ප්‍රදේශයකින් දේශීය බැතිමතෙකුටවත් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා නොදෙන වටපිටාවක කොවිඩ් නිසා වසා දැමූ යුක්රේනයේ සංචාරකයන් 195 දෙනෙක් බස්රථ හතරකින් ගෙන්වා දළදා මාළිගාව වෙත රැගෙන යෑම පිළිබඳව අද මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ දී බරපතල විරෝධතාවයක් මතු විය.
මෙම සංචාරකයන් දළදා මාළිගාව වන්දනා කරවීම සඳහා රැගෙන නොයන බවට මුලින්ම දන්වා තිබිය දී ඔවුන් බස් රථ හතරකින් ගෙන්වා ප්‍රධාන වාහල්කඩින් ඇතුළු නොකර වෑකන්ද දිගේ කැඳවාගෙන ගොස් පසෙකින් ඇති අනෙක් දොරටුවෙන් මාළිගාවට ඇතුළු කර තිබිණි.
අනතුරුව සාමාන්‍ය බැතිමතුන් වන්දනා කරද්දී ඔවුන් අතරට රැගෙන ගොස් මේ සංචාරකයන්ට දළදා මැදුර ප්‍රදර්ශනය කර ඇතැයි චෝදනා එල්ල විය.
මෙම සංචාරකයන් දළදා මාළිගාවෙන් පිටකරද්දී එතැනට ලේවැල්ලේ ධම්මාලංකාර හිමියෝ වැඩම කළහ.
එම අවස්ථාවේ සංචාරකයන් ඉදිරිපිටම එතැන මග පෙන්වීම් කළ පිරිස ඇමතූ උන්වහන්සේ මෙසේ විමසූහ.
“ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු ඇතුළු මහා සංඝයාවහන්සේ මුලා කරමින් දළදා මාළිගාව වන්දනා කරවන්න මේ යුක්රේන් ජාතික සංචාරකයයන් ගෙනාවෙ කවුද?… යුක්රේනය කොවිඩ් වසංගතය පාලනය කරගන්න බැරිව වසා දමලා… එහෙම තියෙද්දි මේ අයව ගෙන්වලා රට වටේ ඇවිද්දවමින් රෝගය ව්‍යාප්ත කරවන්න කටයුතු කරන්නෙ කාගෙ අවශ්‍යතාවයකට ද?
“මේ සංචාරකයන් මාලිගාව වන්දනා කරනකොට සාමාන්‍ය මිනිස්සුත් ගිහින් දළදා වඳිනවා… මේ අසරණ මිනිස්සුන්ගේ සෞඛ්‍යයට දැන් තර්ජනයක්. කාගෙද මේ මිනිස්සු ගැන වගකීම…“
ධම්මාලංකාර හිමියෝ දැඩිව විමසා සිටියහ.
යුකේර්න් ජාතික සංචාරකයන් දැඩි නිරෝධායන ප්‍රතිපත්ති යටතේ සංචරණය කරවීමට සැලසුම් කර තිබිණි. මේ කණ්ඩායම සීගිරිය හා පොලොන්නරුවේ සංචාරය කරන අවස්ථාවල ඒ සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට වසා දැමීමට සැලසුම් කර තිබිණි.
සාමාන්‍ය මිනිසුන් දළදා මැදුරේ වන්දානාවේ යෙදී සිටිය දී යුක්රේන් ජාතික සංචාරකයන් එහි රැගෙන ගොස් තිබුණේ රට සැලසුම් කළ සියලුම සෞඛ්‍ය නිරෝධායන පිළිවෙත් බිඳ දමිමින් බව මහා සංඝයා වහන්සේ දන්වා සිටිති.