පාසල් වියේ පසුවන බාලවයස්කාර පෙම්වතුන් යුවලක් පානදුර පිංවත්ත වෙරළ තීරයේ සිටිය දී මත්කුඩුවලට ඇබ්බැහි වූ සල්ලාලයෙක් පිහියක් පෙන්වා මරණීය තර්ජන එල්ල කර පෙම්වතා බලා සිටියදීම මේවතිය දූෂණය කළ පුවතක් ඊයේ (30) වාර්තා විය.
පානදුර පොලිස් නිලධාරීන් අද (31) මේ 37ත් වියැති සල්ලාලයා අත්අඩංගුවට ගත්තේය. මේ තැනැත්තා පොලිස් අත්ඩංගුවට පත් වීමට පෙර එම පොලිස් නිලධාරීන්ට ද පිහියක් පෙන්වා තර්ජනය කර ඇත.
වර්ෂ 2018 ද මේ පුද්ගලයා මේ ආකාරයෙන්ම පෙම්වතා බලා සිටිද්දි තරුණ පෙම්වතිය දූෂණ කර ඇතැයි වාර්තා වේ.