දිනසේන රතුගමගේ:
මන්නාරමෙන් මුහුදු ගිය ධීවරයින් තුන් දෙනෙකුට මුහුද මැදදී කිසියම් පිරිසක් විසින් පහර දීම නිසා ධීවරයින් තුන් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් බරපතල ලෙස තුවාල ලැබූ ධීවරයා 21 දා මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබේ.
මේ පහරදීමට විරෝධය පලකිරීමක් වශයෙන් මන්නාරමේ ධීවරයෝ 21 දා මුහුදු යාමෙන් වැළකී ධීවර වරාය අසල විරෝධතාවයක නිරත වූහ.
මසුන් මැරීම සදහා මුහුදු ගිය නිරායුධ ධීවරයින්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවරයින්ට කිසිවක් කළ නොහැකි නිසා වහාම මේ පිළිබදව ක්රියා කරණ ලෙසත් ධීවරයින්ට පහර දුන් පිරිස අත් අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලමින් මන්නාරමේ ධීවරයෝ මේ විරෝධතාවය පවත්වා ඒ පිළිබදව ඉල්ලීමක් ඇතුළත් ලිපියක් මන්නාරමේ නාවික හමුදා නිලධාරීන්ට පොලීසියට හා දිසාපති කාර්යාලයට බාර දී තිබේ.