මතුගම කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථයක හිමි කරුට, රියදුරුට හා සහායකට කොවිඩ් ආසාදනය වීමත් සමග ඔවුන් ජීවත්වන මතුගම බදුගම ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් 17 දෙනෙක් වාර්තා වී වී ඇත. මේ වනවිට මතුගම පොලිස් කොට්ඨාසයේ මතුගම, බදුගම, නව ජනපදය ගම්මාන තුනට සංචරණ සීමා දමා නිරෝධායන ඇඳරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ප්‍රමාණය වාර්තා වී ඇත්තෙ කරන ලද පී.සී.ආර් පරීක්ෂණ 36කින් බව කියැවේ.
මෙම රියදුරට රිය සහායක හා බසරථය මිහිකරුට කොවිඩ් රෝග ලක්ෂණ පහළ වීම නිසා ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී නාගොඩ රෝහලින් පී.සී.ආර් පරීක්ෂණයක් කරගෙන ඇත. රෝහලේ දී ඔවුන්ට උපදෙස් ලැබෙන්නේ ගෙදර යන ලෙසත්, වාර්තා නිවසට ලැබෙනු ඇති බවත්ය. මේ සම්බන්දව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කිරීමට උපදෙස් ලැබී නැත.
පී.සී.ආර් පරීක්ෂණ කර නිවසට පැමිණ සාමාන්‍ය ජිවිතයක් ගත කළ මේ පුද්ගලයන් තිදෙනාට කොවිඩ් ආසාදිත බව තහවුරු වූ පසු ආශ්‍රිතයන්ගේ කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 36කින් 17ක් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
මේ තත්වය තුළ ප්‍රදේශයේ ගම්මාන තුනකට සංචරන සීමා පනවා තබේ. තවත් පීසීආර් පරීක්ෂණ 60 වාර්තා හෙට (19) නිකුත් වීමට නියමිතවී තිබේ.