මාතර සම්පත්
මාතර නගරය සහ ඒ අවට ප්‍රදේශවල හෙරොයින් අලෙවි කිරීමේ හිඟයක් මතුව ඇති බැවින් ඊසිකෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ ප්‍රාදේශීය ජාවාරම්කරුවන්ට හෙරොයින් නොමැතිවීම නිසා ඔවුන් මේ වන විට මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් මුලාකර මුදල් උපයා ගන්නා බවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් වෙනුවට සාම්බ්‍රානි දුම්මල අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇත.
මාතර මූලස්ථාන පොලිසිය සහ මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මේ වන විට 24 පැය පුරා පුරාම සිදුකරන වැටලීම්වලදී මේ බව අනාවරණය වී ඇත.