ශ්‍රී ලංකා නිදහස් පකෂය තුළ නැති වී ගිය බණඩාරනායක ප්‍රතිපත්ති තමන් සොයමින් සිටින බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පැවසුවාය.
තමාගෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පොදු ජන නායකයෙකුට භාර දුන් බව පැවසූ හිටපු ජනාධිපතිනිය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මඩේ දා පාගා මුලුමනින්ම විනාශ කළ බව අවධාරණය කළාය.
තම පියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බිහි කළේත් තම මව පක්ෂය ආරක්ෂා කළේත් රටේ පොදු ජනතාව වෙනුවෙන් බවත්, පසුගිය කාලයේ ඇතැම් නායකයන් පාක්ෂිකයන්ගේ සිතුම් පැතුම්වලට පයින් ගසමින් ක්‍රියා කළ බවත් ඇය සඳහන් කළාය.
එස්.ඩබ්ලියු.ඩී.ආර්.ඩී බණ්ඩාරනායක 61 වැනි ගුණ සමරුව වෙනුවෙන් හොරගොල්ල සමාධිය අසල සංවිධානයකර තිබූ ගුණ සමරු උළෙලක් අමතමින් මේ බව පැවසූ ඇය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වනවිට විනාශයට තල්ලු කර දමා ඇතැයි චෝදනා කළාය.
මේ පක්ෂය තමන්ගේ පුද්ගලික බූදලයක් සේ සලකා ඇතැම් අය කටයුතු කළත් තමන්ට එසේ කටයුතු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ ගැනීමට සුදුසු පුද්ගලයෙක් සොයා ගැනීමටවත් නැතැයි ද ඇය පැවසුවාය.
මේ වනවිට තමන්ව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පැත්තකට තල්ලු කර දමා බණ්ඩාර නායක ප්‍රතිපත්ති විනාශ කර දමා ඇති බවත් එම ප්‍රතිපත්ති තිබෙන්නේ කොතැන දැයි තමන් සොයමින් සිටින බවත් ඒ ප්‍රතිපත්ති තමන් තුළ හා ආදරණීය පාක්ෂිකයන් තුළ රැඳී තිබෙන බව නම් තමන්ට විශ්වාස බවත් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.