මහනුවර බූවැලිකඩ කඩාවැටුණු පස්මහල් ලෙව්කේ මැදුරේ සුන්බුන් ඉවත් කිරීමට වැය වේ යැයි ඇස්තමේන්තු ගත කළ රුපියල් ලක්ෂ 28 ක මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට පියවර ගත්තේය.
එම මුදල් වැය කරමින් අද ( 20) මුල්ම වරට සුන් බුන් ඉවත් කිරීම ඇරඹිනි.
රජයේ නීති සම්මත නීති පටිපාටි උල්ලංඝණය කරමින් ඉදිකළ බවට ප්රකාශයට පත් වුණු ගොඩනැගිල්ලේ සුන්බුන් රජයේ වියදමින් ඉවත් කෙරෙන අයුරු මේ ඡායාරූපයෙන් දැක්වේ.