දිනසේන රතුගමගේ –
බුරවි සුළි සුළග සමග ඇති වූ වර්ෂාවට හසු වූ කිළිනොච්චිය ප්‍රදේශයේ ගවයින් අතර මාරාන්තික රෝගයක් පැතිර යාමත් සමගම ගවයින් රංචු පිටින් මියයන්නට පටන් ගෙන තිබේ.
කිළිනොච්චියේ ගොවීන් ප්‍රකාශ කළේ දින තුනක් ඇතුළත ගවයින් 327 ක් මිය ගිය බවයි.
මේ වන විට ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් ගවයින් මියගොස් ඇති බව පවසන ගොවීන් සඳහන් කරන්නේ ගවයින්ට ආහාර ගැනීමේ හා ජලය පානය කිරීමේ පහසුවක් මත ඔවුන් මිය යන බවයි.
මියයන ගවයින් මිය යාමට පෙර උදරයන් විශාල වී මහත්වන බවද ගව පට්ටි හිමියෝ පැවසූහ.
බුරවි සුළි සුළඟ සමග ඇති වූ ගංවතුරට ගසා ගෙන යමින් සිටියදී යුද හමුදාව විසින් බේරා දෙන ලද ගවයින් විශාල සංඛ්‍යාවක්ද කිළිනොච්චියේ මියගිය ගවයින් අතර වෙයි.
පශු වෛද්‍ය නිලධාරීන්පැමිණ ගවයින්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කොට ඇතත් මේ දක්වාම රෝගය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ගව හිමියෝ කියා සිටියහ.