බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන මෙහෙයුමේ නිරත ප්‍රධාන කාර්යාලය වන
මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය ආරක්ෂක නිලධාරියෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
මේ වන විට අදාළ නිලධාරියා සමඟ සබඳතා පැවැත්වූ අනෙක් නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
කාර්යාල පරිශ්‍රය වෙත බාහිර පුද්ගලයන් ඇතුළු වීම සම්පූර්ණයෙන්ම වාගේ සීමා කර තිබේ.
බස්නාහිර පළාතේ කොරෝනා මර්ධන වැඩසටහන පාලනය කරනු ලබන්නේ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයෙන් ය.
මේ වන විට එහි සේවක සේවිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සේවය කරති.
මේ තත්ත්වය යටතේ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය ඉදිරියේ දී තවදුරටත් පරීක්ෂණ සිදු කිරීමටත් ලැබෙන ප්‍රතිඵල අනුව සේවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් නියමිතය.