බන්ධනාගාර නිලධාරීන්ට , සෞඛ්‍ය කාර්ය මණ්ඩයට හා රැදවියන්ට ලබා දීමට නියමිතව තිබූ කොවිඩ් මර්දන එන්නත් පිටස්තර පුද්ගලයින් පැමිණ එන්නත්කරණගැනීමේ සිදුවිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ලේකම්වරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
බන්ධනාගාර රෝහල වෙත ඊයේ (6) රැගෙන ගිය එන්නත් ප්‍රමාණයන්ගේ ලිඛිත සටහන් කිසිවයක් සඳහන් කර නොමැති බව පෙන්වා දෙන එම සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් සැලකිය යුතු පිරිසක් පැමිණ එන්නත් ලබාගෙන ඇති බවය.
සාමාන්‍යයෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව නිකුත් කරන කාඩ් පත දෙවන එන්නත ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වුවද මෙම පිටස්තර ව්‍යාපාරිකයින් එවැනි කිසිදු කාඩ්පතක් නොමැතිව එන්නත විදගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔහු හෙළි කරයි.
ලොව පුරා පවතින ඇස්ට්‍රාසෙනිකා එන්නත් හිඟය නිසා දැනට සීමිත ප්‍රමාණයක් ඇති එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා විශාල තරයක් මේ වනවිට රට තුළ නිර්මාණය වී තිබෙන බව සෞඛ්‍ය අංශ මින් පෙර හෙලිදරවු කළේය.