බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරු සුබසාධනය පිළිබඳ අමාත්‍ය ධුරය දැරූ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ අද (30) සවස සෞඛ්‍ය සේවා ආසාදන රෝග සහ කොව්ඩ 19 වැළැක්වීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නාය. නව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරු සුබසාධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය ලොහාන් රත්වත්තට ලබා දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.
ලොහාන් රත්වත්තේ අද (30) මහනුවර රැඳී සිටින බව වාර්තා වන අතර හෙට දිනයේදී දිවුරුම් දීමට නියමිතය. වර්තමානයේ බන්ධනාගාරවල ඇතිවන තිබෙන තත්ත්වය පිළිබඳව සලකා මෙම අමාත්‍ය සංශෝධනය සිදු කළ බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම කොවිඩ් 19 පාලනය ඇතුළු ආසාදන රෝග පාලනය සම්බන්ධයෙන් නව රාජ්‍ය අමාත්‍ය විෂය පථයක් ස්ථාපනය කොට ඇති අතර වෘත්තියෙන් වෛද්‍යවරියක වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒසඳහා පත් කොට ඇත.