සමන්තිකා වීරවර්ධන –
පස්සර බස්රථ අනතුරෙන් මිය ගිය පුද්ගලයින් 15 දෙනාගේ පීසීආර් පරික්ෂණයන් බදුල්ල රෝහලේදී සිදුකළ බව හදිසි අනතුරු අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සදහන් කරයි.
මිය ගිය පුද්ගලයින් අතර කොරෝනා ආසාදිත වූවන් සිටින්නේ නම් ඔවුන්ගේ මෘත දේහයන් නිරෝධායන නීතියට අනුකූලය අවසන් කටයුතු සිදුකිරිමට සිදුවනු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේය.
පීසීආර් වාර්තාවන් හෙට (21) දිනයේදී ලැබීමට නියමිත බැවින් එම වාර්තාවන් ලැබුණු පසුව අවසන් තීරණයන් ගන්නා බවද හෙතෙම පැවසීය.