සමන්තිකා වීරවර්ධන –
මොනරාගල බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ මගී බස්රථ අනතුරෙන් තුවාල ලැබූවන්ට අවශ්‍ය රුධියර මධ්‍යම රුධිර බැංකුවෙන් මේ වන විටත් යැවීමට කටයුතු කර ඇතැයි මධ්‍යම රුධිරබැංකුවේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේය.
මධ්‍යම ලේ බැංකුවේ රුධිර සංචිතවල අඩුවක් මේ දිනවල පෙන්නුම් කළද මෙවන් හදිසි අනතුරකදී තම දිවයින පුරා පිහිටි රුධිර බැංකු 107 ජාලය මගින් අවශ්‍ය රුධිරය බදුල්ල රෝහල වෙත යැවීමට කටයුතු කර ඇතැයිද හෙතෙම පැවසීය.
කෙසේ නමුත් තම රුධිර සංචිතවල පවතින හිගය වහාම පියවා ගැනීම සදහා රුධිර බැංකු 107 හරහා රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය ලබා ගැනීමට කටයුතු කරමින් පවතින බවත් රුධිරය පරිත්‍යාගකිරිමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට 0115332153 හෝ 0115332154 යන දුරකථන අංකයන් වෙත ඇමතුමක් ලබා දී රුධිරය පරිත්‍යාගකිරිමට අවශ්‍ය පියවර ගත හැකි බවද අධ්යක්ෂවරයා සදහන් කළේය.