රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට පත්වෙන්නේ දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටිය දී බව පොලිසිය පැවසුවේය. බදියුදීන්ට රැකවරණය සැපයූ නිවසේ පදිංචි වෛද්‍යවරියක් සහ සැමියා පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
හිටපු අමාත්‍යවරයාගේ හිතවතෙක් වන මෙම වෛද්‍යවරියත් සැමියා සැක කරුවෙක් සඟවාගෙන තබා ගැනීම සම්බන්ධ චෝදනා එල්ල වී ඇත.
දෙහිවලට පැමිණීමට පෙර ඔහු රැඳී සිටි ස්ථාන සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුට පත් වන්නේ පොලිස් කණ්ඩායම් හයක්, පුරා දින හයක් තිස්සේ කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවය.