බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් 58දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පීසීආර් පරික්ෂණයන්ගෙන් තහවුරු වීම හේතුවෙන් ඔවුන් සියලුම දෙනා මේ වන විට රෝහල් ගත කර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.
මෙම වැඩිහිටි නිවාස තුල වැඩිහිටියන් 112 දෙනෙකු නේවාසිකව සිටින අතර ඉතිරි වැඩිහිටියන්ගේද පීසීආර් පරික්ෂණයන් අද (19) සිදුකර ඇති අතර ඔවුන්ගේ පරික්ෂණ වාර්තාවන් හෙට (20) දිනයේදී ලැබීමට නියමිත යැයි සංගමයේ ප්‍රකාශකයෙකු පැවසීය.
වැඩිහිටියන් බලා ගැනීමට සිටි පුද්ගලයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඔහු සිදුකළ පීසීආර් පරික්ෂණයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් මෙසේ පීසිආර් පරික්ෂාවන්ට ලක්කිරීමට කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය අංශය කටයුතු කර ඇත.