දිවයිනේ සෑම ප්රදේශයකටම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතීඥවරුන් 150ක් බඳවා ගැනීමට අවධානය යොමුව තිබේ.
මීට අදාළ කැබිනට් යෝජනාව අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම නීතිඥවරුන් බඳවාගනු ලබන්නේ ස්ථිර සේවා සඳහා නොව , සහයක සේවා සඳහා බව මේ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
වසර තුනක සේවා කාලයකින් පසු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීමක් ලබාදීමේ ක්‍රමවේදයක් ද මෙහිදී ක්‍රියාත්මක වේ.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පොලිසියේ නීති අංශ භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නීති අංශයේ අධ්යක්ෂ රුවන් ගුණසේකර, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් යන අය සමඟ
අද පැවති හමුවකදී මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.
පොලිස් නිලධාරීන් ලෙස නීතිඥවරුන් බඳවා ගැනීමේ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් බව අධිකරණ අමාත්‍යවරයා එම හමුවේ හමුවේදී ප්‍රකාශ කර ඇත.
පොලිසියේ දැනට සේවය කරනු ලබන නීතිඥවරුන් ගණන 29ක් පමණක් වන අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනෙක්, පොලිස් අධිකාරිවරුන් 14ක්, පොලිස් පරීක්ෂකවරුන් නව දෙනෙක් කටයුතු කරති.
මහජනතාවට නීතිය සමීප කරවීමට සහ පොලිසිය මගින් ලබාදෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා නීතිඥවරුන් මෙලෙස පොලිසියට බඳවා ගැනීමට අවශ්‍ය වී ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
නඩු කටයුතුවලදී මෙම නිලධාරීන් අධිකරණ කටයුතු සඳහා යොමු කිරීමට හැකියාව පැවතීම ද මෙහි තවත් අරමුණකි.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු ඉදිරියේ දී මෙම බඳවා ගැනීම් සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද කිරීමටද කඩිනමින් කටයුතු කරන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොලිසියට මෙම ක්‍රමවේදය යටතේ වෛද්‍යවරුන්, සැලසුම් ශිල්පීන්, කාර්මික ශිල්පීන් බදවා ගැනීම දැනට සිදුවන්නකි.