පොලිසියේ covid-19 ආසාදනය වූ නිලධාරීන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 182ක් දක්වා ඉහළ ගිය අතර එයින් රෝගීන් වැඩි වශයෙන්ම වශයෙන්ම වාර්තා වී තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය, කොළඹ අපරාධ කොට්ඨාශය සහ බොරැල්ල පොලිස් ස්ථානය යන ස්ථානවලිනි.
මේ අනුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව අද වන විට තහවුරු වී තිබූ අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් 47 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන තිබුණි.
බොරැල්ල පොලිසියේ පොලිසියෙන් නිලධාරීන් පහළොස් දෙනෙකු දින දෙකක් තුළ කොවිඩ් ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබුණි.
එහි විශේෂත්වය වන්නේ පළමු දින බොරැල්ල පොලිසියේ නිලධාරින් 15 දෙනෙකු සදහා සිදු කෙරුණු PCR පරීක්ෂණවල දී ඉන් 7 දෙනෙකුත් නිලධාරීන් 10 දෙනෙකුට කළ පරීක්ෂණවලින් 8 දෙනෙකුටත් ආසාදනය වී ඇති බව අනාවරණය වීමය.
මෙම අනාවරණයන් සමඟ තවදුරටත් බොරැල්ල පොලිසියෙ නිලධාරීන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීම නවත්වා ඇති අතර යම් අයකු රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් රෝහල්ගත වන ලෙස ඉහළ නිලධාරියකු ඔවුන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
මේ අතර නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයටත් තවත් නිලධාරීන් පිරිසක් ආයතනගත නිරෝධායනයට යොමුකර ඇති අතර පොලිස් නිලධාරීන් සඳහා කළුතර, හබරාදුව සහ කුණ්ඩසාලේ රෝහල් 2ක් ඇතුළු රෝහල් 4ක් සූදානම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය .