කොළඹ අධිකරණ සංකීර්ණයේදී ඊයේ (10) මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු බලහත්කාරයෙන් ඇදගෙන ගොස් පීඩාවට ලක් කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අද (11) බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිමින් ප්‍රකාශ කළේ තමන්ට ඔහු දැකීමෙන් ඇති වූ ආරක්ෂාව පිළිබඳ ප්රශ්නය නිසා තමන් එවැනි සිදුවීමකට ගිය බවයි.
පොලිස් පරීක්ෂක රංගජීවගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් සියලුම මාධ්‍ය ඡායාරූප සහ වීඩියෝ සහිතව වාර්තා කළ අතර මෙම ඡායාරූප මාධ්‍යවේදියා අධිකරණය වෙත ගොස් තිබුණේ මව්බිම පුවත්පතේ සභාපති ටිරාන් අලස් සම්බන්ධයෙන් පැවති මාධ්‍ය ආවරණයකටය.
එම අවස්ථාවේදී තමන් සම්බන්ධයෙන් පැවත්වෙන නඩුවකට පැමිණි රංගජීවගේ ඡායාරූපයක් මෙම මාධ්‍යව්දියා ලබාගත් අවස්ථාවේ දී ක්ෂණිකව ආවේගශීලී වූ රංගජීව ඔහුට තර්ජනය කරමින් බලහත්කාරයෙන් ඇදගෙන ගොස් අසල පිහිටි පොලිස් මුරපොල වෙත භාර දි තිබේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ සභාපති ටිරාන් අලස් පොලිස්පතිවරයාට ද පැමිණිලි කොට ඇති බව වාර්තා වේ. සිද්ධියට මුහුණ පෑ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන පොලිස් මූලස්ථානයටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇත.
එම මොහොතේම අදාල පොලිස් මුරපළ වෙත පොලිස්පතිවරයා විසින් පොලිස් අධිකාරීවරයකු එවා ඇති අතර ඔහු මෙම මාධ්‍යවේදියා කොලඹ පිටකොටුවේ පිහිටි ඔහුගේ කාර්යාලයට කැඳවාගෙන ගොස් ප්‍රකාශ ගෙන තිබේ.
එම අවස්ථාවේ මාධ්‍යව්දියා හමුවට පැමිණි පොලිස් පරීක්ෂක රංගජීව මෙම සිදුවීම සම්බන්ධයෙන් තම කණගාටුව පළ කර ඇති අතර එය සිදුවූයේ වැරදි අවබෝධයක් නිසා බවද පිලිගෙන තිබේ.
මෙම සිදුවීම වැඩිදුර ගෙන නොයන ලෙසද ඡායාරූප මාධ්‍යවේදී අකිල් ජයවර්ධනගෙන් ඔහු එතැනදී ආයාචනය කර ඇත.
ඉන් පසුව අද පැවැති මාධ්‍ය හමුවකදී තමන් මාධ්‍යවේදීන් සමඟ හිතවත් බවත් ඒ මොහොතේ එම මාධ්‍යවේදියාගේ පෙනුම සැක සහිත බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට ඇති වූ ප්‍රශ්නයක් මත මෙම සිදුවීම සිදුවූ බවත් ඔහු සඳහන් කළේය.
“මම එතැනදීත් එම මාධ්‍යව්දියාට ප්‍රකාශ කළා මල්ලි පොඩි වැරැද්දක් වුණේ මම ඔයාව අඳුර ගන්න බැරිවුණා කියල කිව්වා. නමුත් වෙන්න ඕන දේ මේ වනවිට වෙලා ඉවරයි. මම මේ ගැන එම මාධ්යව්දියාගෙන් සමාව ඉල්ලනවා“ යයි ද අද මාධ්‍ය හමුවකදී රංගජීව මහතා ප්‍රකාශ කළේය.