සැප්තැම්බර් 02 දාට යෙදී ඇති ජාත්‍යන්තර පොල් දිනය නිමිත්තෙන් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති හා සේවා ඇතුළත් “පොල් ඇප් එකක් “ COCONUT APP නමින් ලුණුවිල පොල් පර්යේෂණ ආතනයෙන් එළිදැක්වීමට කටයුතු යොදා ඇත.
ජාත්‍යන්තර පොල් දිනය යෙදෙන ලබන 02 දා උදෑසන 8.30ට ආරම්භවන උත්සවයේ දී මෙම ඇප් එක එළිදැක්වීමට සමගාමීව පොල් පර්යේෂණ ආතනය මගින් නිපදවන ලද වැඩි දියුණු කරන ලද දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වා දීම, පොල් පර්යේෂණ ආතනය විසින් නිපද වූ රතු කුරුමිණි විකර්ෂකය හඳුන්වා දීම, ගුණාත්මක පොල් තෙල් හඳුනා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය හඳුන්වා දෙන ලද ප්‍රමිති ලාංඡනය හඳුන්වා දීම ද සිදු කිරීමට නියමිතය.
ජාත්‍යන්තර පොල් දිනය සඳහා ප්‍රකාශයට පත් කරන ලද පොල් සංවර්ධන සතිය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ව්‍යාපෘති රැසක් සංවිධානය කර ඇති බව ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.