අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම්සීසී හා සෝපා ගිවිසුම් වෙනත් නම්වලින් හෝ මෙරට තුළ ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමය සිදුකිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවැකි පළකරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ පිළිබඳ කරුණු දැක්වීය.
“ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවට එනවා ඔහු ශ්‍රී ලංකාවටත් ලංකාවටත් එන්න නියමිතයි. ඔහු මෙහි පැමිණෙන්නේ චීනයේ බලපෑම අක්‍රිය කිරීමට බව මේ කලාපයේ. අපි දන්න හැටියටත් මගේ අනාවැකියක් හැටියටත් කියන්නේ මම මේ එන්නේ එම්.සී.සී. හෝ වෙන නමකින් එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වටපිටාව හෝ බලපෑම කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ අත්සන් කරන ලද අක්සා ගිවිසුමට සෝපා ගිවිසුම ඇඳලා අත්සන් කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාදාමය කරන්න කියලා. ඇමරිකාව අපේ රජය කාලේ ප්‍රදානයක් දෙන්න ගිහාම උගුලක් හැටියට සැලකුවෙ. අමෙරිකාව ණයක් දෙනවා නම් දෙන්නේ එම්සීසී එක ක්‍රියාත්මක කරන බවටත් සෝපා ගිවිසුම ක්‍රියාත්මක කරන බවටත් පොරොන්දු වුණොත් පමණයි කියන එක මම වගකීමෙන් කියනවා.”