දිනසේන රතුගමගේ:
මන්නාරම පේසාලේ වෙට්රිනායගී කිතුණු දේවස්ථානයට 5 දා මධ්‍යම රාත්‍රියේ සැකකටයුතු ලෙස ඇතුලු වී මද වේලාවක් එහි සැරිසරා පිටව ගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් මන්නාරමේ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ඔහුගේ අතේ පොලිතීන් බෑගයක් පමණක් තිබූ අතර ජැකට් එකකින් ඔහු සැරසී සිටි බව දේවස්ථානය අසල වූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබේ.
දේවස්ථානයට පැමිණි අයෙකු ආපසු හැරී යන බව ඊට නුදුරින් සිටි පුද්ගලයෙකු දැක ඒ බව දේවස්ථානයේ පියතුමන්ලාට දැණුම් දිමෙන් පසුව පියතුමන්ලා පොලීසියට පැමිණිලි කොට තිබේ.
පේසාලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.