පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභා ගොඩනැගිල්ල වසා දමා තිබේ.
ඒ සේවය කරන නිලධාරිනියකගේ සැමියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම ඊට හේතුවයි.
ආසාදිත පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අනුව ආසාදිත පුද්ගලයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 9 දෙනෙකු සහ දෙවන පෙළ ආශ්‍රිතයින් 40 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර ඇතැයි උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවසීය.