නතාෂා නෙත්මිණි –
කොවිඩ් වෛරසය ආසාදිත වූවන් හඳුනා ගැනීම සඳහා දිවයින පුරා සිදුකරන පීසීආර් පරික්ෂණයන් සඳහා රජය රුපියල් කෝටි 720ට අධික මුදලක් වැය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
මෙම මුදල වැය කර ඇත්තේ පසුගිය පෙබරවාරි 18 වෙනිදා සිට සිදුකළ පීසීආර් පරික්ෂණ ලක්ෂ 12ට අධික සංඛ්‍යාවක් සඳහා යැයිද ඔහු පැවසුවේය.
මෙම පරික්ෂණ ලක්ෂ 12න් පුද්ගලයින් 41000ක් දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.