පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට තිබේ.
අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද (08) උදෑසන කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී උන්වහන්සේ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයට පහරදී අලාභයක් සිදුකර ඇති බවය.
එම සිදුවීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.