දිනසේන රතුගමගේ –
මුලතිව් කුරුදුමලේ විහාරයට යාබදව පිහිටුවා ගෙන ඇති හින්දු කෝවිලේ තිබූ භාණ්ඩ හා පිළිම රැසක් අතුරුදහන් වී ඇති බවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ උතුරු පළාත් සභාවේ ටී.රවිහරන් මන්ත්‍රීවරයා 29 දා මුලතිව් පොලීසියට පැමිණිලි කොට තිබේ.
මුලතිව් ප්‍රදේශයේ පදිංචි මේ හිටපු මන්ත්‍රීවරයා මීට දින කීපයකට පෙර දෙමළ ජාතික සන්ධානයේ විශාල පිරිසක් සමග බලහත්කාරයෙන් කුරුදුමලේ විහාර භූමියේ කැණීම් සිදු කරණ ස්ථානයට යාමට ගොස් යුද හමුදාව සමග මත ගැටුමක් ඇති කරගෙන තිබුණි.
දේශපාලනඥයින් පිරිසට පමණක් එහි යාමට අවසරය හිමි වීමෙන් පසුව ඔවුන් එහි ගොස් ආපසු පැමිණ ප්‍රකාශ කොට ඇත්තේ හින්දු ජනතාවට අයත් පුදබිම් බලහත්කාරයෙන් රාජ්‍ය නිලධාරීන් ලවා බෞද්ධාගමට හරවන බවයි.
එසේ කිරීමට ඇති අවශ්‍යතාවය නිසා හින්දු කෝවිල්වල තිබු පිළිම හා වෙනත් භාණ්ඩ ඔවුන් විසින් අතුරුදහන් කොට ඇති බවත් මේ ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතියේ පිහිට පතන බවත් ප්‍රකාශ කරමින් මුලතිව් පොලීසියට පැමිණිල්ලක් දමා තිබේ.