දිනසේන රතුගමගේ
යාපනයේ ආරක්ෂක අංශ යාපනයේ කීරිමලේ ඇතුලු පළාත් කීපයක සිටින පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ තොරතුරු එක් රැස් කිරීම ආරම්භ කොට තිබේ.
මෙම පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ට වෙනත් පාර්ශ්වයන්ගෙන් විවිධ හිරිහැර එල්ල වීමට හා ඔවුන්ට පහර දෙන්නට පටන් ගැනීමත් සමගම ඔවුන් පිළිබදව තොරතුරු එක් රැස් කිරීම ආරම්භ කොට තිබේ.
මේ අතරවාරයේ එම හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විවිධ අපරාධ වලට හා නීති විරෝධී ක්රියා වලට සම්බන්ධ වන බවටද ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබේ.
හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජික සාමාජිකාවන්ගෙන් විශාල පිරිසක් පුනරුත්ථාපනය වන කාලයේදී කිළිනොච්චිය හා මුලතිව් පළාත් වල ජීවත් වූවත් ඔවුන් මේ වන විට යාපනය හා වවුනියාව යන පළාත් වල ජීවත් වන බවට තොරතුරු ලැබී තිබේ.
කිළිනොච්චි හා මුලතිව් පළාත් වල රැකියා නොමැතිකම නිවාස නොමැතිවීම හා විවාහ වීම් යන හේතූන් මත එම සාමාජික සාමාජිකාවෝ කිළිනොච්චි හා මුලතිව් පළාත් අතහැර වෙනත් ප්රදේශ වලට ගොස් තිබේ.
යාපනයේ ආරක්ෂක අංශ මේ වන විට කීරමලේ ඇතුලුව ජේ-225 , ජේ -226 හා ජේ- 227 යන ගම්මාන වල පදිංචිව සිටින පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිළිබදව විස්තර එක් රැස් කොට තිබේ.