ශ්‍රියානි විජේසිංහ –
පෞද්ගලික අංශයේ ඇතැම් වෛද්‍යවරුන් රෝගීන් සඳහා නිර්දේශ කරන ඖෂධවලින් සියයට 96ක්ම විදේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ යැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කරයි.
මෙම තත්ත්වය ඉදිරියේදී වහාම වෙනස් කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව විදේශයන් හී නිෂ්පාදනය කරන ඖෂධ වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ රෝගීන්ට නිකුත් කිරිමට කටයුතු කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් යොදා ඇති බවද හෙතෙම පැවසීය.
මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම සාමාජිකයින් රෝගීන් සඳහා ඖෂධ නියම කිරීමේදී දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ පමණක් නිර්දේශ කිරීමට එකඟ වි ඇතැයි සංගමේය සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ප්‍රකාශ කළ බවද ඇමතිවරයා සදහන් කරයි.
තවද උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ පමණක් රෝගීන්ට ලබා දීම සඳහා ඉදිරියට කටයුතු කරන බවත් මේ අනුව ඉන්දියාවේ කඩපිල් හා නිවාසවල නිෂ්පාදනය කළ ඖෂධ මෙරටට ගෙන්වීම වහාම නතර කරන බවද ඇමතිවරයා අවදාරණය කළේය.