කොවිඩ් පවතින බවට තහවුරු කිරීමට පෙර හදිසියේ මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බොහෝ රෝගීන් පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීම හේතුවෙන් කොළඹ මෘත ශරීරාගාරයේ මෘත දේහ වැඩි කාලයක් තබා ගැනීමට සිදුව ඇති බැවින් අතිරේක මෘත ශරීරාගාර පහසුකම් තාවකාලිකව නිර්මාණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව පොලිස් මෘත ශරීරාගාරය අසල අඩි 40 අධි ශීත කන්ටේනරයක් ඊයේ ස්ථාපිත කරන ලදී.
පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේදී ඊට ගත වන කාලය වැඩි බැවින් හදිසියේ සිදුවන මරණ නිසි ලෙස ගබඩා කිරීමේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් නිර්මාණය වූ අතර මිය ගිය පුද්ගලයන්ට ගරුත්වයක් සැලසෙන පරිදි මෙන්ම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව සම්න්ධයෙන් කටයුතු කිරීමේදී පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.