මැතිවරණය සම්බන්ධ කිසිම නිරෝධායන කටයුත්තකට සම්බන්ධ නොවී සිටීමින් ලංකාවේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මීට ස්වල්ප මොහොතකට පෙර වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ආරම්භ කළහ.
අද ආරම්භ කළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට පවත්වා ගැනීම පිළිබඳ තීන්දුව හෙට (18) කොළඹ දී රැස්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාවාරයේදී තීන්දු කරන බව එම සංගමයේ සභාපති එන්.ජි.යූ රෝහණ ලංකාසරට පැවසීය.
මැතිවරණය සම්බන්ධ මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කළත් ඉන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ බලතල ඉවත් කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කිරීමත් සමගම සමාජය ඉදිරියට ගොස් රාජකාරිය කරගත නොහැකි තත්වටය තමන් පත් වී ඇති ආකාරය ඔහු විස්තර කළේය.
“ අපි කොහොමද සමාජය ඉස්සරහට ගිහින් රාජකාරි කරන්නෙ… ඇත්තටම දැන් අප දකින්නෙ එක දෙයයි. ආණ්ඩුවට මේ මැතිවරණය හැර වෙන කිසිම දෙයක් පෙනෙන්නෙ නෑ… අපි ඉල්ලන්නෙ එහෙම කරන්න එපා. මේ වසංගතයේ මුල් කාර්තුවෙදි කළා වගේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන මීට වඩා වගකීම් සහගත වෙන්න. අපට ගෞරවාන්විතව රාජකාරිය කරන්න අවස්ථාව සලසා දෙන්න….“ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති එන්.ජි.යූ රෝහණ පැවසීය.