කීර්ති ප්‍රනාන්දු –
කොවිඩ් මර්ධන රාජකාරි වෙනුවෙන් සිදුවන වියදම් පියවා ගැනීමට ගෙවන අමතර දීමනාවක් මේ වනවිට තමන්ට නොලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති, දිවුලපිටිය කටාන ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ.සී.එස්. කුලතිලක ලංකාසරට පැවසීය.
මේ තත්වය මත ක්ෂේත්‍ර රාජකාරිවලදී අතිශයින්ම බරපතල දුෂ්කරතා රැසකට පුද්ගලිකව මුහුණ දීමට සිදුවන බව ඔහු පැවසීය.
ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා යන පරීක්ෂණවල සිට සමූහ පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථා දක්වා ක්ෂේත්‍ර කටයුතුවලදී රාජකාරි කරන කණ්ඩායමට අවශ්‍ය ආහාර හා තේ පවා සපයා දෙන්නේ ක්ෂේත්රයේ අනුග්රාහකයන් බව ඔහු පැවසීය. එසේ නොමැති නම් පුද්ගලික දැන හැඳුනුම්කම් මත එම කටයුතු සංවිධානය කරගන්නට සිදුවන බව ඔහු කීය.
රජයේ කොවිඩ් මර්ධන අවධානය ක්‍රමයෙන් ගිලිහී යමින් පවතින්නේ දැයි සැකයක් සමාජය තුළ ඇති වෙමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.