පිටවල පතන ආශ්රිත ගම්මානවල ගොවිතැන් කරන ගොවීන්ගේ ගවයන් කොල්ලකා කෘෘර ලෙස ඝාතනය කර මස් කරන හරක් හොරුන් විසින් එම ගව හිස් පාර අයිනේ තබා යෑමට කටයුතු කර ඇති අයුරු වාර්තා වේ.
රමිල් වික්‍රමසිංහ නම් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු මේ බව වාර්තා කරමින් කියා තිබුණේ මෙම ගවහිස් පිටවල පතන ආසන්නයේ පාර පසෙක තිබී තම කැමරාවට හසුකරගත් බවය.
මේ පිළිබඳව ගව හිමියන් කියා තිබුණේ තමන් කුඹුරු ගොවිතැන් කටයුතු සඳහා යොදා ගන්නා මී ගවයින් පැහැරගෙන විත් මේසේ මරා මස්කරගෙන ගොස් ඇති බවය.
ඒ ගොවියා වැඩිදුරටත් කියා තිබුණේ මේ අපරාධය කලක සිට දිගින් දිගටම සිදුවන බවත් සොරුන් විසින් ගැබිණි ගව දෙනුන් පවා සොරකම් කර මරා මස් කර බඩතුරෙහි සිටිනා කළල දෙනගේ කපා වෙන් කළ හිස අසලින් තබා යන බවත් කියා සිටියේය.