දිනසේන රතුගමගේ
ආදර සම්බන්ධයක් නිසා මීට දින කීපයකට පෙර කිළිනොච්චියේ වට්ටකච්චි රාමනාදන්පුර ගම්මානයේ පාසල් ශිෂ්‍යයෙකුට පිහියෙන් ඇන ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති සැකකරුගේ නිවසට 15 දා කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.
ගින්න හටගත් අවස්ථාවේදී ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව ගින්න නිවීමට උත්සහ කළත් ගින්නෙන් මුලු නිවසම දැවී ඇලු වී ගොස් තිබේ.
ආදර සම්බන්ධයක් මත එම ගම්මානයේ පහලොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකුට පසුගිය 10 වෙනිදා ආදර සම්බන්ධය පවත්වාගෙන ගිය තරුණියගේ ඥාතියෙකු විසින් පිහියෙන් ඇන මරා දමා තිබුණි.
අදාල සැකකරුව කිළිනොච්චිය ධර්මපුරම් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව රිමාන්ඩ් බාරයට පත්ව ඇති අතර සැකකරුගේ නිවසට මහ දවල් කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.
මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා කිළිනොච්චිය පොලීසිය හා ධර්මපුරම් පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.