පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ (10) රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමන්නට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
පසුගිය 04 දා සිට දැඩි සත්කාර ඒකකයේ සේවයකළ හෙදියකගේ දියණියකට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග මේ තීන්දුව ගෙන ඇතැයි රොහලේ අධ්යක්ෂවරයා පවසයි.
දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයෙන් දස දෙනෙකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
මේ වනවිට ඔවුන් පී.සී.ආර් පරීෂණ වෙත යොමු කිරීමට කටයුතු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි…