රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට ඊයේ (14) රාත්රියේදී සිදුකළ ඇන්ටිජන් පරික්ෂාවේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
මේ අනුව අද (15) දහවල් වන විට ඔහුගේ පීසීආර් පරික්ෂණ වාර්තාව නිකුත්වීමට නියමිත යැයිද වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.
වෛද්‍ය පාදෙනිය මහතාගේ ආශ්‍රිතයෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති බැවින් වෛද්‍ය පාදෙනියද සිය නිවසේ ඊයේ (14) සිට ස්වයංනිරෝධායනයට ලක්වෙමින් සිටියි.