කීර්ති ප්‍රනාන්දු –
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ලංකා සංචාරය සම්බන්ධව පෙරහුරුවක් කටුනායක ගුවන්තොටුපල තුළ සිදුවෙමින් ඇති අවස්ථාවේ T -56 වර්ගයේ ජීව උණ්ඩ 15 ක් රැගෙන ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඊයේ (19) පෙරවරුවේ ගුවන් තොටුපළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කළේය.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා දින උදෑසන 10.40 ට පමණ මෙම ජීව උණ්ඩ රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කිරීමේදී එහි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී ඇත.
මෙම පොලිස් නිලධාරියා ඊයේ ( 19) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු මස 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.