මෙරට නිල සංචාරයකට දිවයිනට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.
ඒ අරලියගහ මන්දිරයේදීය.
දෙරටෙහි අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් එහිදී පාකිස්තාන අගමැති වරයා සහ ඔහුගේ නියෝජිතයන් කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.