කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වෙන්දේසි කර විකිණීම නිසා අවුරුදු එක හමාරක් තිස්සේ එක් ග්‍රාමසේවා වසමකට ලියුම් බෙදීමට නොහැකි බව දන්වමින් මිනුවන්ගොඩ දෙවලපල තැපැල් ස්ථානාධිපතිවරයා විසින් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියක් මේ වනවිට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්, ගම්පහ දිසාපති හා ජනාධිපති ලේකම්වරයා දක්වා යොමු වී තිබේ.
අංක 107 ලෙස නම් කර ඇති මෙම ග්‍රාමසේවා වසමට ඇතුළුවන නීත්‍යානුකූල පොදු ප්‍රවේශ මාර්ගය සහිත ඉඩම් කොටසක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත් දැනුවත්ව කට්ටි කර විකිණීම නිසා මේ ගැටලුව ඇති වී තිබෙන බවට වාර්තා වේ.
දැන් මෙම ප්‍රදේශයේ පදිංචි පිරිස් ග්‍රාම සේවා වසම් දෙකක් ඔස්සේ වැටී ඇති අතුරු මං ඔස්සේ සිය නිවෙස් වෙත යන බවත් තමන්ගේ දුරකථන අංක තැපැල් කන්තෝරුවට ලබා දී ලිපියක් ලැබුනු විට පණිවිඩයක් ලබාගෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ එම ලිපි ලබා ගන්නා බවත් ගැමියෝ ලංකාසරට පැවසූහ.
මේ වනවිට මෙම නීති විරෝධී ගනුදෙනුවට එරෙහිව නීතිය ඉදිරියට යෑම සඳහා පිරිසක් සූදානමින් පසුවෙති.