නිරෝධායන රෙගුලාසි උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ප්රවීණ රංගන ශිල්පී විල්සන් කරු මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා පෝලිමේ සිටි විල්සන් කරූ මහතා මුඛ ආවරණයක් නොපැළඳීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු ඒ පිළිබඳ ඔහුගෙන් විමසූ අවස්ථාවේදී විල්සන් කරු මහතා පොලිසියට එරෙහිව ආක්රමණශීලී ලෙස කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු අද (20) කිරුලපන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔහුගෙන් ප්රකාශයක් ලබාගෙන තිබේ.