ප්‍රවීණ රංගවේදිනී ඇන්ජලා සෙනෙවිරත්න අද දින වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දෙන්නීය.
ඇය කලක් වකුගඩු අකර්මණ්‍ය වීමේ තත්ත්වය හේතුවෙන් දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබමින් සිටි අතර ඇයට වකුගඩු බද්ධ කිරීමක් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි. මේ අනුව ඇයට අදාළ වකුගඩුව දායකයකුගෙන් ලැබීමෙන් අනතුරුව අද දින කොළඹ පෞද්ගලික රෝහලකදී අදාළ සැත්කම සිදු කිරීමට නියමිත බව ඇයට සමීප ආරංචි මාර්ග ලංකාසරට පැවසීය. ලංකාසර ඇයට නිරෝගී සුවය ප්‍රාර්ථනය කරයි.